Sunday, June 18, 2017

ඔයලට තියන ප්‍රදානම ගැටලුව.



මම අද කියන්න යන්නෙ ඔයාල ගොඩක් දෙනෙක්ට ඇතිවෙන් ඇති කියල මම හිතන ගැටලුව.ඒ තමයි ඔයාල ඕපන් කරගත්ත අලුත් text document එකෙ අන්තිමට තියන .txt කියන කෑල්ල වෙනස් කරන එක.

ඒක තමයි දැන් මම ඔයාලට කියන්න යන්නෙ.
ඔයාල මුලින්ම යන්න ඔයාලගෙ කම්පියුටර් එකෙ කියන contro pannel එකට.

ඊට පස්සෙ ඒකෙ තියනව folder options කියල එකක්.ඒකට යන්න.ඒකෙ තියනව උඩ view කියන බට්න් එක.එතකොට පහත තියනව වගෙ dialog box එකක් ඕප්න් වෙයි. 
ඊට පස්සෙ ඒකෙ තියන hide extensions for known file types කියන බාර් එක untick (ඒකෙ තියන හරි ලකුන අයින් ක‍රන්න.) කරන්න.ඊට පස්සෙ aply කියන බට්න් එක ඔබන්න.
එතකොට ඔයාල ඕපන් කරපු text document එකෙ අන්තිමට .txt කියන කෑල්ල පෙන්නනවා.

ඊට පස්සෙ ඔයාල එකෙ තියන .txt කියන කෑල්ල මකලා .html කියන කෑල්ල ගහුවහම කම්පියුටර් එකෙන් අහනව ඔයාල වෙනස් කරපු එක ඔයාලට සුවර් ද කියලා. ඒකෙ ok කියන බට්න් එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ ඒක ඔයා පාවිච්චි කරන වෙබ් බ්‍ර්වුසර් එකෙ රූපෙට සමාන රූපයක් වැටෙ‍යි.

ඊට පස්සෙ මම කලින් බ්ලොග් එකෙ කියපු විදිහට කරන්න.මේ තියෙන්නෙ මගෙ කලින් බ්ලොග් එකට යන්න පුලුවන් ලින්ක් එක. 
කලින් වෙබ් පිටුවට යන්න.

එහෙනම් අදට ඇති තවත් දවසක හම්බවෙමු.



Saturday, June 17, 2017

‌පළවෙනි HTML පාඩම

පළවෙනි HTML පාඩම



අද මම කියල දෙන්න යන්නෙ කොහොමද සරලවම අපිටම කියල වෙබ් පේජ් එකක් හදාගන්නෙ කියල.එහෙනම් අපි පාඩමට යමු. 

මුලින්ම ඔයාල ඔයාලගෙ ඩෙස්ක්ටොප් එකෙ මවුස් එකේ තියන දකුනු පැත්තෙ බට්න් එක ක්ලික් කරන්න.
එතකොට ඔයාලට පොඩි මෙනු එකක් දකින්න පුලුවන්. ඒකෙ තියන නිව් කියන බට්න් එකට මවුස් එක අරගන ගියහම පේයි කලින් වගෙ මෙනු බාර් එකක්. ඒකෙ තියනව "TEXT  DOCUMENT" කියල එකක්.

ඔයාල ඒක ඕපන් කරගන්න ඕනෙ.එතකොට ඔයාලට එක්ක ඩෙස්ක්ටොප් එකේ තියනව ඔයාලට පහත විදිහට බලාගන්න පුලුවන්.


පස්සෙ ඔයාල කැමති නමක් ඒකට දෙන්න. ඊටපස්සෙ ඒකෙ නමෙන් පස්සෙ තියන .txt කෑල්ල මකලා දාල එතන .html කියල ටයිප් කරන්න. එතකොට ඒක ඔයා සාමාන්‍ය පාවිච්චිකරන වෙබ් බ්‍ර්වුසර් එකෙ රූපෙ වැටෙයි.පහත තියෙන්නෙ ඒ රූපෙ.


ඊට පස්සෙ ඒක නෝට් පෑඩ් එකෙන් හරි වර්ඩ් පෑඩ් එකෙන් හරි ඕපන් කරගන්න. පස්සෙ ඒක යටට ඇදල දාල ඒකම ඔයා කැමති වෙබ් බ්‍ර්වුසර් එකකින් ඕපන් කරගන්න.
එතකොට ඔයාලට පහත පේන විදිහට හිස් වෙබ් පිටුවක් දකින්න පුලුවන් වෙයි.


ඊට පස්සෙ ඒකත් යටට ඇදල දාල ආපහු නෝට් පෑඩ් එක උඩට ගන්න. පස්සෙ ඒකෙ මොනවහරි නිකන් ට්‍යිප් කරන්න. පස්සෙ ctrl+s ඒක ඔබල සේව් කරන්න. ඊට පස්සෙ ආයෙ වෙබ් බ්‍ර්වුසර් එකට ගිහින් refresh බට්න් එක ක්ලික් කරන්න.

එතකොට ඔයාලට ඔයා ගහපු වචනෙ ඒකෙ බලාගන්න පුලුවන්.  පහත තියෙන්නෙ ඒ රූපෙ.


හරි එහෙනම් ඔය අදට ඇති. අපි ඊළග පෝස්ට් එකෙන් හම්බවෙමු.මේක ගන ඔයාලගෙ අදහස පහලින් දාන්න.

අපිව සම්බන්දකර ගන්න